• ශ්‍රී ලංකාවෙන් ලැබුණු නිදහස් අධ්‍යාපනය නිසයි අද මම මෙතන ඉන්නෙ - Officer of the Order of Australia ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ මහාචාර්ය ඉලියතම්බි අම්බිගරාජා
    Feb 24 2026
    SBS Sinhala Exclusive: ඕස්ට්‍රේලියාවේ ඇති ඉහළ ම රාජ්‍ය ගෞරව සම්මාන උළෙල වන ඕස්ට්‍රේලියානු විධානයේ (The Order of Australia) ගෞරව සම්මාන උළෙලේ දී 2026 වසරේ Officer of the Order of Australia AO ගෞරව සම්මානයට පාත්‍ර වූ UNSW හි ප්‍රකට ශ්‍රී ලාංකීය මහාචාර්ය ඉලියතම්බි අම්බිගරාජා මහතා SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස් ඇසුරෙන් සැකසූ විශේෂාංගය.
    Mehr anzeigen Weniger anzeigen
    10 Min.
  • නීති පිළිසරණ: දික්කසාද නීතිය - ඕස්ට්‍රේලියාවේ දී දික්කසාද නඩු කියන්න කොච්චර කාලයක් යනවා ද?
    Feb 24 2026
    ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ සිව්වැනි කොටස.
    Mehr anzeigen Weniger anzeigen
    7 Min.
  • පොලී අනුපාතික ඉහළ යන වෙලාවක ඔබේ ප්‍රතිචාරය මොකද්ද? වියදම් කපනවා ද? පොලිය lock කර ගෙන තව ණය ගන්නවා ද?
    Feb 24 2026
    මේ දිනවල පොලී අනුපාතික ඉහළ යන ප්‍රවණතාවයක් තිබියදීත්, ඔස්ට්‍රේලියානුවන් වියදම් අඩු කරනවා වෙනුවට තව තව ණය ගන්න යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු දැනගන්න SBS සිංහල සේවයේ මෙම කෙටි පොඩ්කාස්ට් විශේෂාංගයට සවන් දෙන්න
    Mehr anzeigen Weniger anzeigen
    7 Min.
  • SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ පළමු අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමේ පූර්ව සංවර්ධන අදියර ඇරඹේ
    Feb 24 2026
    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
    Mehr anzeigen Weniger anzeigen
    5 Min.
  • ඉදිරි දින කිහිපයේ මෙල්බර්න්වලට ඇද හැළෙන ඉහළ ම වර්ෂාපතනය අද, සිඩ්නි නුවරට හෙට දිනයේ තද වැසි සහ සුළං
    Feb 23 2026
    ගිම්හාන කාලයේ අවසන් දින කිහිපය තමයි මේ ගත වෙන්නේ. ඒත් එක්කම ඕස්ට්‍රේලියාවේ බොහෝ පෙදෙස් තද වැසි සහ අකුණු සහිත කාලගුණ තත්ත්වයකට මුහුණ දෙන්න සූදානම් වෙනවා. හදිසි ගංවතුර, තද සුළං සහ ජන ජීවිතයට බාධා ඇති විය හැකි බවට පුරෝකථනයක් තිබෙනවා. මධ්‍යම ඔස්ට්‍රේලියාවට ඉහළින් නිවර්තන අවපාතයක් මේ අයහපත් කාලගුණය ඇති කරනවා. මේ ගතවන සතිය පුරා ඒ තත්ත්වය පවතිනු ඇති බව කාලගුණික කාර්යාංශය කියනවා. මේ අතර, රටේ ප්‍රධාන භාණ්ඩ ප්‍රවාහන මාර්ගවලින් එකක් වන East West දුම්රිය මාර්ගය පැය 24ක් පුරා පැවති අධික වර්ෂාව සහ ගංවතුරෙන් පසු අවම වශයෙන් සතියකටවත් වසා දමා ඇති බව වාර්තා වනවා. ඉතින් මේ ඇති වී තිබෙන සහ ඉදිරි දිනවල අපේක්ෂා කළ හැකි කාලගුණික තත්ත්වය පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.
    Mehr anzeigen Weniger anzeigen
    5 Min.
  • කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ ඉහළ යන බලහත්කාර විවාහ වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පාසල් වල සහාය අවශ්‍යයි
    Feb 23 2026
    ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන් බලහත්කාරයෙන් විවාහ කර දීම පිළිබඳ පොලිස් වාර්තා ඉහළ ගොස් තිබෙනවා. නව වසරක ආරම්භයේදී සිසුන් පාසල වෙත නැවත පැමිණෙන විට, ඔවුන් බලහත්කාරයෙන් විවාහ කර දීමේ සලකුණු ඇත්දැයි පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පාසල් වලින් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු SBS සිංහල සේවයේ අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
    Mehr anzeigen Weniger anzeigen
    7 Min.
  • අපිටත් වඩා අපේ සුරතලුන්ට රස්නේ දැනෙන බව දන්නවද, වැඩි විස්තර මෙන්න
    Feb 23 2026
    Heatwaves හෙවත් "තාප තරංග" වල බලපෑම සුරතල් සතුන්ගේ සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන සෑම හිමිකරුවෙකුම දැනගත යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවේ දෙවන කොටසට සවන් දෙන්න.
    Mehr anzeigen Weniger anzeigen
    10 Min.
  • සුව මනස: මානසික ගැට‍ළුවක් ආවා ම අපි කාට ද මුලින් ම කතා කරන්න ඕන?
    Feb 23 2026
    යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මානසික සෞඛ්‍ය බිඳවැටීමක දී ඔබ ලබා ගත යුතු වෘත්තීය උපදෙස් හා යොමු විය යුතු ක්‍රියාමාර්ග පිළිබඳවයි.
    Mehr anzeigen Weniger anzeigen
    5 Min.