ඉදිරි දින කිහිපයේ මෙල්බර්න්වලට ඇද හැළෙන ඉහළ ම වර්ෂාපතනය අද, සිඩ්නි නුවරට හෙට දිනයේ තද වැසි සහ සුළං Titelbild

ඉදිරි දින කිහිපයේ මෙල්බර්න්වලට ඇද හැළෙන ඉහළ ම වර්ෂාපතනය අද, සිඩ්නි නුවරට හෙට දිනයේ තද වැසි සහ සුළං

ඉදිරි දින කිහිපයේ මෙල්බර්න්වලට ඇද හැළෙන ඉහළ ම වර්ෂාපතනය අද, සිඩ්නි නුවරට හෙට දිනයේ තද වැසි සහ සුළං

Jetzt kostenlos hören, ohne Abo

Details anzeigen

Über diesen Titel

ගිම්හාන කාලයේ අවසන් දින කිහිපය තමයි මේ ගත වෙන්නේ. ඒත් එක්කම ඕස්ට්‍රේලියාවේ බොහෝ පෙදෙස් තද වැසි සහ අකුණු සහිත කාලගුණ තත්ත්වයකට මුහුණ දෙන්න සූදානම් වෙනවා. හදිසි ගංවතුර, තද සුළං සහ ජන ජීවිතයට බාධා ඇති විය හැකි බවට පුරෝකථනයක් තිබෙනවා. මධ්‍යම ඔස්ට්‍රේලියාවට ඉහළින් නිවර්තන අවපාතයක් මේ අයහපත් කාලගුණය ඇති කරනවා. මේ ගතවන සතිය පුරා ඒ තත්ත්වය පවතිනු ඇති බව කාලගුණික කාර්යාංශය කියනවා. මේ අතර, රටේ ප්‍රධාන භාණ්ඩ ප්‍රවාහන මාර්ගවලින් එකක් වන East West දුම්රිය මාර්ගය පැය 24ක් පුරා පැවති අධික වර්ෂාව සහ ගංවතුරෙන් පසු අවම වශයෙන් සතියකටවත් වසා දමා ඇති බව වාර්තා වනවා. ඉතින් මේ ඇති වී තිබෙන සහ ඉදිරි දිනවල අපේක්ෂා කළ හැකි කාලගුණික තත්ත්වය පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.
Noch keine Rezensionen vorhanden